ඓතිහාසික ස්ථානයක් වන මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් , යුධ හමුදා සහ නාවික හමුදා සෙබළුන් දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වන වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.
මිහින්තලා පුදබිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව පුදබිමේ ආරක්ෂාව සදහා යොදවා සිටි සෙබළුන් දැනුවත් කිරීමකින් තොරව ඉවත් කිරීම නිසා පුදබිමේ ආරක්ෂාව පිළිබදව ගැටළුවක් පවතින බව විහාරාධිපති සදහන් කරයි. එම ධාතු මන්දිරයේ මහා රහතන් වහන්සේලාගේ ධාතුන් , භෂ්මාවශේෂ , රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්රතිමා , පෙරදා මිහිදු මහරහතන් වහන්සේ පුද පුජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්රතිමාව , කිලෝ සියයකට අධික බරකින් යුතු පස් ලෝ ප්රතිමා කිහිපයක් ද ඇති බවත් ආරක්ෂක නිලධාරින් ඉවත් කිරීම හේතුවෙන් මෙහි ආරක්ෂාව පිළිබද විශාල ගැටළුවක් පවතින බවත් මිහින්තලා පුද බිමේ විහාරාධිපති ප්රකාශ කරයි.