මිහිඳු මහා සෑයේ වැඩ කඩිනමින් අවසන් කරන්න – ආරක්ෂක ලේකම්.

ආරක්ෂක ලේඛම් සහ නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා  ඊයේ (23)  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක නිරීක්ෂණයක නිරත විය.

මෙහිදී මිහින්තලාව පුදබිම වෙත පැමිණි ආරක්ෂක ලේඛම්වරයා එහි නිරීක්ෂනයක නිරත විය. එහි සංරක්ෂණ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. නාවික හමුදාව විසින් මෙම පුදබිමේ ඇති මිහිදු ලෙන්, බුද්ධ මන්දිරය , මිහිඳු ඇතුළු ස්ථාන කිහිපයක් සංරක්ෂණ කටයුතු කරමින් ඉදිකිරීමට නියමිතව තිබේ.

එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනම්ව නිමා කිරීමට කටයුතු කරන ලෙස එම ස්ථානය භාරව සිටින නාවික හමුදා නිලධාරීන්ට උපදෙස් ලබා දීමටද ආරක්ෂක ලේඛම් වරයා කටයුතු කරන ලදී.  

Exit mobile version