මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ විටින් විට පවතින
දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු
ඇතිවිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා
කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එච්. එම්.
එම්. බි. බණ්ඩාර මහතා පවසයි.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර
මහතා පවසන ලද්දේ මෙම දිනවල මධ්‍යම කදුකරයේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශයන්ට සවස් කාලය
තුලදි පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ හා
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ග දෙක ඇතුළු තවත් මාර්ග
කිපයක විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.
සමහර අවස්ථාවලදි මාර්ග නොපෙනි යන ආකාරයෙන් ඝන
මීදුම් තත්වයන් පවතින බවත් මෙවන් තත්වයන් මත එම
මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්
පැවතිය හැකි බවත්ය.
මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙම
මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා
කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා
ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාර
මහතා වැඩි දුරටත් පැවසිය.