මුඛ ආවරණ ඉවත් කල හැකිද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ තවමත් මුඛ ආවරණ ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

පසුගිය දිනකදී මුඛ ආවරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් පළ වූ ලිපියක් පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර ඇත.

රජයක් ලෙස හෝ රටක් ලෙස කිසිසේත් මෙවන් තත්ත්වයක් තුළ මුඛ ආවරණ ඉවත් කරන බවට මතයක හෝ තීරණයක නොසිටන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය රට තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වන කාලවකවානුවක් තුළ එවන් තීරණයකට එළඹීම නුසුදුසු බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version