මුඛ ආවරණ නොමැතිව සිටින අයට දැඩි දඬුවම්.

මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පවත්නා හොඳම ආරක්ෂාව ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇත්තේ මුඛ ආවරණ පැළඳීමයි. ඒ අනුව අද (14) සිට බලපැවැත්වෙන පරිදි මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

එවන් වරදක් සිදු කරන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දිවයින පුරා මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයින්, ගෙවී ගිය පැය 24 ක කාලය තුල 151 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version