මුගුරෙන් ගසා සැමියාව ඝාතනය කරලා

ඊයේ (18) රාත්‍රියේ ඉපලෝගම, විජිතපුර ප්‍රදේශයේ බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කළ සිදුවීමක් වාර්තා වේ.

දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙන බවයි සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ගොවිපල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 52ක පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ බව පවසන 47 හැවිරිදි කාන්තාවක්ද ඉපලෝගම පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) පැවැත්වීමට නියමිතව ඇති අතර , ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර කාන්තාව අද (19) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version