රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරන්නේ මේ වන විට මුතුරාජවෙල රක්ෂිතයේ සිදුකරන අනවසර ඉදිකිරීම්වල පදිංචිව සිටින පුද්ගලයින්ගේ දෛනික කටයුතු සදහා කිසිදු බාධාවක් සිදු නොකරන බවයි.
නමුත් යළිත් මෙම මූතුරාජවෙල භූමිය තුළ අනවසර ඉදිකිරීම් කිසිවක් සිදු කිරීමට ඉඩ ලබානොදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.
වැඩි දුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ මෙම වගුරු බිම් ගොඩ කරමින් තවදුරටත් ව්‍යාපෘති ඉදිකිරීම් ආදිය සිදු කිරීමට ඉඩ නොදෙන බවත් මේ වන විට එහි ජීවත්වන ජනතාවට කිසිම අයුරකින් බලපෑමක් සිදු නොවන බවත් ය.
කෙසේ නමුත් මේ වන විට එම ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට එම භූමියේ කසළ බැහැර කිරීමට හෝ ඒවායේ අලුතින් ඉඩම් අයිති කර ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් අවධාරණය කර ඇත.
කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.