මෙරට තුළ 2021 වර්ෂය තුළ දී ළමා හිංසන පිළිබඳ පැමිණිලි 3,373ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරයි.
වයස අවුරුදු 05ට අඩු අදරුවන් හිංසනයට ලක් වීමේ සිදුවීම් පිළිබඳ පැමිණිලි 598ක් පසුගිය වසර තුළදී වාර්තා වී ඇත් බව ද ඊයේ (04) දිනට යෙදී තිබූ “ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එපමණක් නොව, දරුවන් පියා අතින් හිංසනයට ලක් වූ සිදුවීම් 1,342ක්, මව අතින් හිංශනයට ලක්වීමේ සිදුවීම් 718ක් සහ මව පියා දෙදෙනාගේම හිංසනයට ලක් දරුවන් පිළිබඳ පැමිණිලි 191ක් ද පසුගිය වසරේදී වාර්තා වී ඇති බව සභාපතිනිය සඳහන් කරයි.
එමෙන් ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා විසින් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ හිංසනයට ලක් වූ දරුවන් පිළිබඳ පැමිණිලි 98ක් සහ භාරකරුවන් අතින් හිංසනයට ලක්වූ පැමිණිලි 64ක් ද වාර්තා වී ඇති බවයි.
සභාපතිවරයා මේ පිළිබඳ සඳහන් කරමින් පෙන්වා දෙන්නේ ළමුන් ආරක්ෂා කීරීමේ වගකීම දරන දෙමාපියන්, භාරකරුවන් සහ වගකිවයුතු සෙසු පිරිස් අතින් ම මෙම ළමුන් හිංසනයට ලක්වීම ඛේදවාචකයක් වන බවයි.
කෙසේ නමුත් ළමා හිංසනය වැළැක්වීම සඳහා සමාජයේ සියලු පාර්ශවයන් වඩා සංවේදීව කඩිනමින් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.