මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත.
ඊයේ (10) දිනයේ දී මෙම සංවාදය පවත්වා ඇති අතර ඒ පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.
ඒ අනුව ඉදිරි කාලයේ දී තව තවත් සමීපව කටයුතු කිරීමට එකගතාවයකට පැමිණි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත.