මුදල් පනත් කෙටුම්පත දෙවනිවර කියවීම

අද (07) පෙ.ව.10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා ඇත.

පෙ.ව.10.00 ට රැස්වෙන පාර්ලිමේන්තුවේ පෙ.ව. 11.00 දක්වා කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර ‌ෙප.ව.11.00 සිට ප.ව.4.30 දක්වා අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක් , ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර නියවීමට නියමිතව ඇත.

එසේම මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමද අද දිනයේ යොදාගෙන ඇත.

පාර්ලිමේන්තු  සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිෂ්පාදන බදු පනත යටතේ නියමය, ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් ද අද දිනයේ විවාදයට ගැනීමට  නියමිතව ඇති බවය.

අනතුරුව පස්වරු 04.30 සිට 04.50 තෙක් කාලය කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පස්වරු 04.50 සිට පස්වරු 05.30 දක්වා ආණ්ඩු පක්ෂයේ යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version