නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ, ඊයේ (18) දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ නැංවීමට තීරණය කළ බවයි.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් අංක 50 බැගින් පිළිවෙලින්, සියයට 5.00හා සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත.
තවද, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යාමේ කාල පරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2. 0 කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
මහ බැංකුව සඳහන් කළේ වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයේ ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණ ගත් බවයි.