මුදල් රාජ්‍ය ඇමතිගෙන් කමිටුවක්.

දේශීයව  නිෂ්පාදනය කෙරෙන ආදේශන භාණ්ඩ ආරක්ෂා කර ගැනීම සදහා සහ ඒ පිලිබඳව සොයා බැලීම සඳහා මුදල් රාජ්‍ය අමත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා විසින් කමිටුවක් පත් කොට ඇති බව වාර්තාවේ.

මෙලෙස කමිටුවක් පත්කොට ඇත්තේ භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමත් සමග බවයි ඒ මහතා සදහන් කර ඇත්තේ.

මෙම තීරණය අමාත්‍ය වරයා ගෙන ඇත්තේ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග සාකච්චාවකදී බව වන අතර දේශීයව නිපදවනු ලබන භාණ්ඩ වෙනුවෙන් අවශ්‍ය බදු සහ ආනයනය කරන භාණ්ඩ අතර බදු පිලිබඳව මෙම කමිටුව විසින් සොයා බලන බව සඳහන්වේ.

මෙම කමිටුව සති දෙකකට වරක් රැස්ව ඒ සම්බන්ධව සාකච්චාකොට තීරණ ගනු ඇතිබව පැවසේ.

Exit mobile version