මුදල් වෙන්කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

මෙම වසර අවසාන වීමට පෙර මේ වන විට මුදල් වෙන් කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දි ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙසා ලබා දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන ලද මුදල් නැවත භාණ්ඩාගාරයට යැවීම වෙනුවට මෙම වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙසටයි.

එහි දී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය ජූලි මස සිට ආරම්භ කරන ලද සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම අදාළ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

අරලියගහ මන්දිරයේ දී නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ තෙවැනි කාර්තුව සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡාකර ඇත.

Exit mobile version