කාන්තාවක් විසින් මුදල් වෙනුවට මන්නා පිහි ලබාගෙන නීතිවිරෝදී මත්පැන් අලවිකළ පුවතක් පිලිබදව වැලිපැන්න, බොන්දුපිටිය, මුදලිගම ප්රදේශයෙන් වාර්තාවේ.
මෙම කාන්තාව මෙම ප්රදේශයේ නීති විරෝධී මත්පැන් අලවි කරණ බවට පොලීසියට ලද තොරතුරකට අනුව එම සැකකාරියගේ නිවස වටලා පරික්ෂා කොට ඇති බවයි සදහන් වේ.
පරික්ෂාවේදී නිවසේ සගවා තිබියදී අඩි දෙකක් පමණ දිගකින් යුත් මන්නා පිහි 10ක් සොයා ගෙන ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
මත්පැන් සදහා ඇබ්බැහි වුවන් මුදල් නොමැති අවස්තාවන් වලදී මන්නා පිහි උකසට තබා මත්පැන් පානය කරණ බව පොලිස් ප්රශ්න කිරීම් හමුවේ 61 හැවිරිදි සැකකාරිය පවසා තිබේ.
පොලිසිය විසින් සිදු කල වැටලීම් වලදී සකාකාරිය විසින් සගවා ගෙන සිට ඇති නීති විරෝදී මත් පැන් ලීටර් 22500ක් සොයා ගෙන ඇති බව පැවසේ.
සැකකාරිය පොලිස් අප මත මුදාහැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.