කහවත්ත නගරයේ පිහිටා ඇති පෞද්ගලික බැංකුවක් වෙත අද (22) උදෑසන 08.00 පමණ සුඛෝපභෝගී මෝටර් රථයක් කඩා වැදී ඇත.
සිදුවීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර බැංකුවට දැඩි අලාභ හානි සිදුව ඇත.
බැංකුව අසල මාර්ගයේ මෝටර් රථය නතර කිරීමට යාමේ දී රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මෙසේ මෝටර් රථය බැංකුවේ පියගැට පෙළ ඔස්සේ ඉදිරියට ධාවනය වී බැංකුව තුළට කඩාවැදී ඇති බව වාර්තා වේ.
මෝටර් රථය ධාවනය කර ඇත්තේ දන්ත වෛද්‍යවරයෙක් බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරයි.