වසන්ත මුදලිගේ රදවා තබා ගනිමින් රට ස්ථාවරව පවත්වාගෙන යාමට උත්සාහ කලාට වරදක් නැත. නමුත් ඒවා සියල්ලම සාකච්චා කර විසදාගැනීමට හැකියාව තිබියදී ඔහුට විරුද්දව රටේ ආරක්ෂක අංශ මේ අයුරින් කටයුතු කිරීම වැරදිය
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම” ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළ යුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් හා සම්බන්ධ සංවිධාන 7ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය), මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA), CIVICUS, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, හියුමන් රයිට්ස් වොච්, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන මෙම නිවේදනය නිකුත් කර තිබේ.