මුද්දරයකට ඔබේ ඡායාරූපය දා ගන්න අවස්ථාවක්.

තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා ඇති බව වාර්තා වේ.

තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ මෙරට පැරණිතම පුද්ගලික වාණිජ බැංකුවක සංවත්සරය සැමරීම වෙනුවෙන් මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ දී පැවති උත්සවයකට එක්වෙමිනි.

“තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න පුළුවන්. දැන් අපි අය කරන්නේ රු. 2,000 යි. මුද්දර 20 ක sheet එකක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්“

Exit mobile version