මුදිතගෙන් ආණ්ඩුවට කණේ පාරක්. ගෑස් 3700 ට දෙන්න පුළුවන්.

ලාංකික ජනතාව 2022 වර්ෂයේ අරගලයක් දියත් කෙරුවේ භාණ්ඩ මිල අසීමිත ලෙස ඉහල ගිය බැවිනි. නමුත් නැවත එකතු කල නොහැකි ලෙස අරගලය දිය වී ගියේ මෙරට දේශපාලන බෙදීම් නිසා සහ නායකයන් නොමැති අරගලයක් ලෙස එය ක්‍රියාත්මක වූ බැවිනි.

කෙසේ නමුත් එකමුතු කමක් නොතිබූ, නායකයන් නොසිටි එම අරගලයෙන් ශ්‍රී ලාංකික ජනතාව පරාජයට ලක් වී, ඔවුන්ගේ නියෝජනයන් සහ ඔවුන්ගේම බලයෙන් පාර්ලිමේන්තුවට යැවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ ඔවුන්ගේ සංවිධායකවරුන් පමණක් ජයග්‍රහණය කළේය.

මෙරට ජනතාවට බදු පිට බදු ගසන්නේ අප ඉහතින් සදහන් රජයට අයත් මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ සන්විධායකවරුන්ට මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් නඩත්තු කිරීම වෙනුවෙනි. කෙසේ නමුත් ඔවුන් නඩත්තු කිරීම කල යුතුව තිබේ. එසේ වුවත් ඔවුන්ගේ නාස්තිය, දුෂණය , වංචා අඩුවක් නැත.

ඒ අතර නිවේදනයක් නිකුත් කරමින් මුදිත පිරිස් පවසන්නේ  තම ආයතනයට ගෘහස්ත ගෑස්(LPG) මිල ඉහළ දැමීමට සිදුවූයේ රජය විසින් 18%ක වැට් බද්දක් පැනවීම නිසා බවයි.

වැට් බදු පැනවීමක් සිදුනොකළේ නම් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3700ක මිලකට අලෙවි කළ හැකි බව සභාපතිවරයා පෙන්වාදෙයි.

කෙසේ නමුත් අරගලය ආරම්භ කරන විටත් ඊට පෙරත්, වර්තමානයේ තරම් භාණ්ඩ මිල ඉහළ ගොස් නොතිබුණි. වරද ආණ්ඩුවේ නොවේ. මෙරට ජනතාවගේමය. වැදගත්, රටට හිතැති, රට මෙන්ම මහජනතාවගේ අනාගතය දෙස බලා , වංචාවෙන්, දුෂණයෙන් මෙන්ම අපරාධවලින් තොර වු මහජන  නියෝජිතයන් රටට බිහිකළේ නම් මෙවන් විපතක් උරුම නොවේ.

Exit mobile version