මුලතිව් කුරුන්දි විහාරය නැවත ඇවිලෙයි. පොලිසියත් පළාගිහින්. අවිගත් දෙමල සංවිධාන පිරිසක් කඩා වැදිලා. දමිළ ත්‍රස්තවාදය නැවතත්!. .

මුලතිව් කුරුන්දි විහාරය යනු මේ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට යොමුව තිබෙන බෞද්ධ පුදබිමකි. අප මීට පෙරද මෙම පුදබිම පිලිබඳව වාර්තා කර තිබේ. බෞද්ධයන් විසින්ම බෞද්ධ විහාර සහ දේවාල විනාශ කලද කිසිවෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකලත් වෙනත් ජාතීන් විසින් ඒවා විනාශ කරන විට ජාතිවාදී සහ ආගම්වාදී ලෙස ජනතාව නැගී සිටී. මාස කිහිපයක සිට මුලතිව් කුරුන්දි විහාරය තුලින්ද නැවත නැවතත් මතුවෙමින් පවතින්නේ එයයි. මෙසේ වෙනත් ආගමික ස්ථාන වලට තවත් ආගමිකයන් කඩා වැදී යම් ආක්‍රමණයක් සිදුකරන්නේ නම් එය දැඩි ත්‍රස්ත ක්‍රියාවකි. දමිළ දේශපාලඥයන් වහාම මේ ගැටුම් අවසන් කල යුතුය

කුරුන්දි විහාරයේ ඉතිහාස වාර්තාව – සැකසුම TNL රූපවාහිනිය

ඊයේ  (සැප්තැම්බර් 21) දහවල් ද නැවතත් එම ස්ථානයේ ගැටුම් ඇතිවෙමින් තිබෙන බව අපටද වාර්තා විය. එම සිද්ධිය පිලිබදව ලංකා සි වොයිස් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන්ට අනුව මුලතිව් ඓතිහාසික කුරුන්දාවශෝක විහාර පුද බිමට කඩා වැදුණු සියයක් පමණ වූ කැති, පොලු, මුගුරු රැගත් දෙමළ ත්‍රස්ත පිරිසක් එහි සිටි සියලු දෙනා කපා කොටා මරා දමන බවට තර්ජනය කර පැය ගණනාවක් කලකෝලාහල කරමින් එහි සිටි රජයේ නිලධාරීන්ට ද පහර දී තිබේ.

මේ පිළිබඳ දුරකථනයෙන් අදහස් දැක්වූ කුරුඳු මහා විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක හිමියන් සඳහන් කළේ ජීවිත තර්ජන හමුවේ කුටියක් තුළ සැඟවී සිටිමින් පහර දීම්වලින් අනූ නවයෙන් ජීවිතය බේරා ගත් බවයි.

උන්වහන්සේ පවසන්නේ, අද උදයවරුවේ 10.30 ට පමණ අවි ආයුධ රැගත් සිය දෙනකුට අධික ද්‍රවිඩ සන්නද්ධ පිරිසක් විහාරස්ථාන භූමියට කඩා වැදුණු බවත් එහි සිටි සියලු දෙනා කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් එහි සිටි රජයේ පුරා විද්‍යා නිලධාරියාටත් පොලිස් නිලධාරියාටත් පහර දුන් බවත්ය. පිරිස චෛත්‍ය මලුවෙන් පහළට ඇද දමමින් බරපතල ලෙස නිලධාරින්ට පහර දී ඇති මෙම සන්නද්ධ පිරිස තර්ජනය කර”  සටන් පාඨ කියමින් සවස 2 පමණ වන තුරු එහි රැඳී සිට ඇති අතර හිමිවරු හා අනිකුත් අය විවිධ ස්ථානවල සැඟවී ජීවිත බේරා ගෙන තිබේ.

පොලිසිය පැමිණෙන විට සිද්ධියෙන් පැය එකහමාරක් පමණ කාලයක් ගතවී ඇති අතර ඒ වන විට සන්නද්ධ කල්ලිය පහළ මළුවේ සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් භූමියෙන් ඉවත්වන ලෙස විරෝධය පළකරමින් සිට ඇත. මේ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් වන බවත් තවත් උතුරේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු ඇතුළු ද්‍රවිඩ දේශපාලන පාක්ෂික පිරිසක් ද සහභාගි වී ඇති බවත් දැනගන්නට ලැබුණු බව උන්වහන්සේ පවසයි.

කෙසේ හෝ සිදුවීමෙන් පසු මේ වන විට පොලිසිය ද පිටව ගොස් ඇති අතර මෙම පුරා විද්‍යා විහාර භූමියට නිසි පොලිස් ආරක්ෂාවක් ද යොදවා නැති බවත් සියලු පුරා විද්‍යා සංරක්ෂණ කටයතු ද නවතා දමන ලෙස තර්ජනය කළෙන් ඒවා ද නතර වී ඇති බවත් සියලු තත්වයන් තවමත් ව්‍යාකූල බවත් නායක සන්තබෝධි හිමියෝ පවසා සිටී.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ නිසි ආරක්ෂාවක් යොදා භූමිය ආරක්ෂා කර දෙන ලෙසත් මෙම අර්බුදය විසඳීම පිණිස සියලුම සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්නට හිතැති දෑ හිතකාමී සියලු දෙනා ඒකරාශී වන ලෙසත්ය.

ගරු අගමැතිතුමා ඇතුළු රජයේ සියලු මැති ඇමතිවරුන් ද අදාළ බලධාරීන් ද ඇතුළු සියලු දෙනා එක්ව මෙම සන්නද්ධ ද්‍රවිඩ දේශපාලන කල්ලි විසින් සිදු කරන සැහැසි, මරණ තර්ජනීය ක්‍රියා නැවැත්වීමට ඉතා ඉක්මන් අවධානයක් යොමු කරන ලෙස නායක සන්තබෝධි හිමියන් ඉතා ඕනෑකමින් රජය පාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

Exit mobile version