මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළට පුද්ගල මළ සිරුරක් අද (19) උදෑසන ගොඩගසා තිබූ බවට මුලතිව් පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසූවේ අදාළ මළ සිරුර හදුනාගැනීමට නොහැකිවන ලෙසට නරක් වි ඇති අතර, මළ සිරුර සමඟ ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කරන උපකරණ කිහිපයක්ද පවතින බවයි.
ධීවර යාත්රාවක් කිසියම් අනතුරකට ලක්ව මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් එලෙස ගොඩගසන්න ඇති බවත්, අදාළ මළ සිරුර ඉන්දියානු ධීවරයෙකුගේ විය හැකි බවට සැක කරන බවත් පොලීසිය පැවසූහ.
මළ සිරුර සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්රාත්වරයාගේ මහේස්ත්රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව,මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.