මුලතිව් වෙරළේ රතු කොඩි එසවෙයි

Rough seas off New Zealand

මුලතිව් ධිවර ප්‍රජාව, නාවික නිලධාරීන් සහ මුලතිව් පොලිසිය විසින් දියනෑම තහනම් ස්ථාන සටහන් කරමින් එම ස්ථානයන්හි රතු කොඩි එසවීමට කටයුතු කර ඇත.

පසුගිය 06 වනදා මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව දිය නෑමට නුසුදුසු ස්ථාන මෙලෙස සටහන් කර ඇති බව වාර්තා වේ.

මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් සඳහන් කරන්නේ සැප්තැම්බර් සිට ජනවාර මාසය දක්වා වන කාල සීමාවේ දී මුලතිව් මුහුදු සීමාව රළු ස්වභාවයක් ගන්නා බැවින් එහි දියනෑම අනතුරුදායක බවයි.

ඒ අනුව මෙලෙස රතු කොඩි ඔසවා ඇති ස්ථානයන්හි දිය නෑමෙන් වළකින ලෙස පොලිසිය හා ධීවර ප්‍රජාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version