මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදහන්

කුඩා බෝට්ටුවකින් මීගමුව පොලිස් වසමේ කූට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් එම බෝට්ටුව පෙරලීයාම නිසා අතුරුදන්ව ඇත.

ඊයේ (28) උදෑසන මෙම පුද්ගලයින් දෙදෙනා ධීවර රැකියාව සඳහා පිටව ගොස් ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සොයා මීගමුව පොලීසිය සහ නාවික හමුදාව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

 අතුරුදන්ව ඇති පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 61ක් හා 60ක් පමණ වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

Exit mobile version