මුහුදු තීරයේ රළු ස්වභාවයක්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හදිසියේ දැනුම් දී ඇත්තේ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමත් සමග මුහුදු රළුවීමේ අවදානමක් පවතින බැවින් ඉදිරි පැය 24 තුළ දී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි.

මෙම මුහුදු ප්‍රදේශයන්හි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළයා හැකි අතර මුහුදු රළ මීටර් තුනක් පමණ ඉහළ යාමේ අවදානම පවතින බැවින් මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය තුළින් පෙන්වා දී ඇත.

එමෙන්ම ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 – 60ත් දක්වා ඉහළ යාහැකි බව ද වාර්තා වේ.

Exit mobile version