නීති විරෝධී මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ආ වියළි කහ තොගයක් සහ විදුලි උපකරණ තොගයක් සැකකරුවන් 05 දෙනෙකු සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ පසුගිය 10 වන දා රාත්‍රී සහ ඊයේ (11) අලුයම කල්පිටිය තුඩාව සහ මන්නාරම ආරිප්පු වෙරළ ප්‍රදේශවල කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මගිනි.
එම වැටලීමෙන් වියළි කහ කිලෝ 1628 පමණ ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතුඅඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 45ත් අතර පසුවන පුද්ගලයින් 05 දෙනෙකු වන අතර ඔවුන් කල්පිටිය සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
නාවික හමුදා භාරයට ගත් වියළි කහ සහ විදුළි උපකරන තොගය රේගුවට භාර දී ඇති අතර සැකකරුවන් සම්බන්ධ නීතිමය කටයුතු සඳහා ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාර දී ඇති බව වාර්තාවෙයි.