වාලච්චේන, කිරාන් මුහුදු තීරයේ දී ළමුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.
ළමුන් තිදෙනෙක් එම වෙරළ තීරයේ දිය නාමින් සිටිය දී රළ පහරට ගසාගෙන ගොස් ඇති අතර එක් දරුවෙක් එහිදී බේරාගෙන ඇති නමුත් අනෙක් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇත.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15 සහ 16 වියෙහි කිරාන් ප්රදේශයේ ම පදිංචි ළමුන් දෙදෙනෙක් බව වාර්තා වේ.
මේ වන විට අතුරුදන් වූ ළමුන් දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් ක්රියාත්මක කර ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.