කුඩාවැල්ල මෝදරවත්ත මුහුදේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකු අද (25) දහවල් 2.30ට පමණ රළ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඉන් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබූ අතර තවත් පුද්ගලයෙකුගේ සිරුර හමුවී ඇති බව සදහන්.
මෙලෙස සිරුර හමුවී ඇත්තේ සම්පත් කුමාර නම් කළුතර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේය.
තවත් අයෙක් අතුරුදන්ව ඇති අතර ඔහු 25 හැවිරිදි කඹුරුපිටියේ පදිංචි උදාර පුෂ්පකුමාර නම් පුද්ගලයෙකි.
පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඉන් තිදෙනෙකු මුහුදේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.