ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සදහන් කොට ඇත්තේ යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 දෙනකු කිසිදු අනතුරකින් තොරව බේරා ගැනීමට හැකිවූ බවත් එහි ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ තොගය ද මුහුදුබත් වීමට නොදී බෙරා බවයි.
‘කාලි අම්බාල් 2’ නැමැති මෙම යාත්‍රාව මුහුදු බත් වීමට නොදී නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වී දියත් කල මෙහෙයුම හේතුවෙන් සිදූවීමට ගිය විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කර තිබේ.
මෙම යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ඩෙල්ෆ්ට් දූපත වෙත කරන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩතිබූ බව සදහන් වේ.
නාවික හමුදාව සදහන් කොට ඇත්තේ යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත දක්වා මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී යාත්‍රාව මුහුදු පත්ලේ වැදී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාවට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ කණ්ඩය වෙත ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කළ බවයි.
එලෙස ලද තොරතුර සමගම වහාම ක්‍රියාත්මකවූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ කාණ්ඩයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා උපයෝගීකර ගනිමින් අනතුරට පත් යාත්‍රාවත් එහි සිටි පුද්ගලයන් හා ප්‍රවාහනය කරමින් තිබු භාණ්ඩ නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩි දුරටත් පවසා ඇත්තේ.