වාර්තා වන ආකාරයට මෙරටට විස්තීරණ ණය පහසුකම ලබා දීමට අනුමත කිරීමෙන් අනතුරුව අද (21) පැවති මාධ්‍ය හමුවකට එක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් විසින් ප්‍රකාශ කර ඇත්තේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සදහා බදු ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය බවයි.එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ බදු එකතු කිරීම වර්ධනය කළ යුතු බවත් ආනයන සීමා ක්‍රමක්‍රමයෙන් ඉවත් කළ යුතු බවත් ය.
මහබැංකුව විසින් වෙළදපොලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් මිලදී ගැනීමත් සමග මෙරට සංචිත වැඩි කර ගැනීමට උපකාරී වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ලදී.එමෙන්ම ශ්‍රී ලංකාව ලබා ගත් ණය පියවීමය වසර 4 ත් 10ත් අතර කාලයක් හිමි වන බවද වාර්තා වේ.