මෙක්සිකෝවේ ජුවරේසා බන්ධනාගාරයට මැර ප්‍රහාරයක්.

බන්ධනාගාර රැදවියන් බේරාගැනීමේ අරමුණින් මෙක්සිකෝවේ සිව්ඩාඩ් ජුවරේසා නමින් හදුන්වන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සන්නද්ධ කණ්ඩායම හා බන්ධනාගාර ආරක්ෂකයන් අතර දරුණු වෙඩි හුවමාරුවක්ද ඇතිව තෙබෙ.

ගැටුමේදී පුද්ගල මරණ 19ක් සිදුවූ බව විදෙස් මාද්‍ය සදහන් කරයි. මියගිය පිරිස අතර ප්‍රහාරයට පැමිණි සන්නද්ධ කණ්ඩායමේ දෙදෙනක්,සිරකරුවන් 7ක් හා බන්ධනාගාර ආරක්ෂකයන් දසදෙනෙකු සිටින බව වාර්තාවේ.

Exit mobile version