රක්ෂණ සමාගම් සහ මූල්‍ය සමාගම් එක්ව ජනතාව නොමග යවන දැවැන්ත හොර මගඩියක් අනාවරණය කිරීමට ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය අද සමත් උනා . ඒ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගම අසංක රුවන් පොතුපිටිය සහ අසංක සුමේද අමරසිංහ මහත්වරුන් විසින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදීය.
චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති එම සාකච්චාවේදී රක්ෂණ සමාගම් සහ මුදල් සමාගම් මෙන්ම ගරාජ් හිමියන්ද එකතුව වාහන හිමියන් නොමග යවමින් සිදු කරන කූට වංචාවන් අනාවරණය කර ගැනීමට සමත් විය.
කෙසේ වුවත් රක්ෂණ සමාගම් වැඩි දියුණු කිරීමේ පනත මෙන්ම මුදල් සමාගම් පනත් ඇතුළු පනත් ගනනාවක් තුලින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතීන් උල්ලංගණය කිරීම සිදු වන්නේ මීට අවුරුදු ගනනාවක සිට වන අතර එම පනත් වලින් මහජනතාව පීඩා විදිති. එසේ මහජනතාවට පීඩාවන් ඇති වන ලෙස නීති අණ පනත් සැකසීම නීති විද්‍යාවට ද පටහැනි අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවටද පටහැනිය. නමුත් එවැනි අණ පනත් ගනනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් අනුමත කර තිබේ.
රටේ වර්තමාන ගැටළු වලට තවත් එක් ප්‍රධාන හේතුවක් වන්නේද මෙසේ සමාජය පීඩාවට ලක්වන ක්‍රියාවන් සිදු කිරීමට හැකි වන ලෙස නීති සැකසීමයි.
සම්පූර්ණ සාකච්චාව මෙතනින් බලන්න.