2022 වසරේ ප්‍රථම පාසල් වාරය අදින් (07) නිමවීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත බවයි.
ඒ අනුව දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා තෙක් පැවැත්වෙන අතර දෙසැම්බර් 02 වනදා සිට 2023 ජනවාරි මස පළමුවනදා තෙක් නිවාඩු ලබා දීමට නියමිතව ඇත.
එමෙන්ම මෙම වසරේ තෙවන පාසල් වාරය 2023 ජනවාරි මස 02 වනදා සිට 2023 වසරේ මාර්තු මස 21 වනදා තෙක් ක්‍රියාත්මකය.