මෙරටේ 35% ක් ආහාර වේල් ගන්න එක අඩු කරලා .

ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව අනුව හෙළි වී ඇත්තේ මෙරට ගණග්‍රහණයෙන් 35%ක් තමන් ගන්නා ආහාර වේල් අඩු කර ඇති බවයි.

එමෙන්ම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයේ අඩුම පළාත උතුර පළාත ලෙසත් , ආහාර අනාරක්ෂිතභාවයේ වැඩිම පළාත ඌව පළාත බවත් කියයි.

ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල ආදායම අඩු වීම හේතුවෙන් ග්‍රාමීය පවුල් 10න් 9ක් ද වතුකරයේ පවුල් 10න් 8ක් ද දෛනිකව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන බව සමීක්ෂණ වාර්තාවේ සදහන් බව කියයි.

එමෙන්ම එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ දෙසැම්බර් මාසයේ සහය අවශ්‍ය පවුල් වලින් 10%කට පමණ රජයෙන් , රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර ලැබුණු බවයි. වතුකරයේ පවුල් 38%ක් , නාගරික පවුල් 28%ක් , ග්‍රාමීය පවුල් 34%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බව වාර්තා වේ.

Exit mobile version