මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා

මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත සංචාරක තහනමක් පනවා ඇත.

 මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය  ලේකම් ඇන්තනි.ජේ.බ්ලින්කන් විසිනි.

මෙම සංචාරක තහනම නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක යන අයට පනවා ඇති බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි.ජේ.බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

 2008-2009 කාලසීමාව තුළ දී ත්‍රිකුණාමලයේ දී සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි වෙත සහ 2000 වසරේ දී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට මෙසේ සීමාපනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඇමරිකාන විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

Exit mobile version