මෙරට කෙසෙල් විශේෂ කිහිපයක් චීනයට.

මෙරට වගා කෙරෙන පලතුරු විශේෂ චීනය වෙත අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන ලදී. ඒ අනුව මෙරට කෙසෙල් විශේෂ කිහිපයක් චීනය වෙත අපනයනය කිරීමට වැඩපිළිවෙලක් යොදා ඇති බව වාර්තා කරයි. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ව්‍යාපෘතිය අනුව සෑම සතියකටම වරක් ඇඹුල් කෙසෙල් 12,500kg ක් මේ වන විටත් ඩුබායි වෙත අපනයනය කරන බව කියයි.

මිට පෙර චීන රජය සමග කෙසෙල් අපනයන පිලිබදව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවද එය ක්‍රියාත්මක නොවූ බව ඔවුන් සදහන් කරයි.

Exit mobile version