මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදට වසරක්

අද (29) දිනට මෙරට තුළ ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් සපිරේ.

ලොව එන්නත්කරණ වැඩසටහනේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ඊට සමගාමීව සතියක් ඇතුළත බූස්ටර් එන්නත ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ද අද සිට ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 35,634,497ක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

සයිනොෆාම් එන්නත් මාත්‍රා 23,029,353ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 7,798,598ක්, ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 2,899,460, මොඩර්නා එන්නත් මාත්‍රා 1,592,162 සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 314,924ක් වශයෙන් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version