මෙරට කොවිඩ් සංඛ්‍යා දත්තවල පරස්පරයක්

 මෙරට තුළ කොවිඩ් ආසාදනය වන සියලුම පුද්ගලයින්ගේ ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට තුළ මේ වන විට ව්‍යාප්තව ඇති කොවිඩ් ප්‍රභේදයන්හි සංඛ්‍යා දත්තයන්ගේ පරස්පරතා පැවතිය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ දී ඔමික්‍රොන් වැනි කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳව ද නිසි දත්ත ලබා ගැනීම පිළබඳ ගැටලු පවතින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version