කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ උතුරේ දූපත් 03ක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිතව තිබූ විදුලිබල ව්‍යාපෘතිය නවතා දැමීමට තීරණය කළ බවයි.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ තුන්වන පාර්ශවයක් විසින් “ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ ගැටලු හේතුවෙන්” බව එම පණිවිඩයේ දක්වා ඇත.
අදාළ ව්‍යාපෘතිය භාරගෙන ගිවිසුම් අත්සන් කර තිබුණේ Sino Soar Hybrid Technology සමාගම සමඟ ය.