ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මල ද, නැතිනම් නිල් මානෙල් මල ද යන්න නිෂ්චය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබේ.
පසුගිය දා පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශය උපදේශක කාරක සභාව පවත්වන ලදී. ඒ පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතීත්වයෙනි.
එහි දී මේ පිළිබඳව අනාවරණය වී ඇති අතර මෙය ජාතික වැදගත්කමකින් යුක්ත කරුණක් බැවින් කඩිනමින් මේ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය යුතු බවටද එම කමිටුවේ දී අදහස්පළ විය.