කැලණිතිස්ස Sojitz විදුලි බලාගාරය මේ වන විට නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්රීය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මෙනිසා ජාතික පද්ධතියට මෙගාවොට් 160ක ප්රමාණයක් අහිමි වන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ පවත්නා විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
කෙසේ නමුත් අද (26) මේ සම්බන්ධයෙන් එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසක් බලාගාරය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිත බව ද වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන සැපයුම ප්රමාණවත් වන බැවින් හෙට (27) දිනය දක්වා විදුලි විසන්ධි කිරීමක් සිදුනොකළ යුතු බවත් හෙට දිනයෙන් පසු ඉන්ධන සැපයුම පිළිබඳව සලකා බලා තීරණයක් ගැනීමට නියමිත බවද මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇත.