මෙරට තවත් සරසවියක් අද විවෘත කෙරේ

වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්ව විද්‍යාලය වශයෙන් අද (11) විවෘත වීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම සිදුවන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගිය වසරේ ජුනි මස 08 වනදා යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය, වව්නියා විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සඳහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත.

Exit mobile version