මෙරට තුළ එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස මිලියන 11 ඉක්මවයි

මෙරට තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වන තෙක් එන්නත් දෙකම ලබා ගත් පිරිස මිලියන 11 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එන්නත් ලබාගත් සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව  11,054,101ක් ලෙස වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල සඳහන් ය.

එසේම මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දින 50කට පසුව 2,000ට අවුවෙන් වාර්තා වී ඇති අතර දෛනික මරණ සංඛ්‍යාව ද දින 40කට පසු 100 සීමාවට අඩුවෙන් වාර්තා වී ඇත.

දෙවන එන්නත් මාත්‍රාව වශයෙන් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 120,000ක් අද (19)  උදෑසන රුසියාවේ මොස්කව් සිට දිවයිනට රැගෙන විත් ඇත.

ශ්‍රී ලංකාවේ ස්පුට්නික් V දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාටම අවශ්‍ය මාත්‍රා ප්‍රමාණය මෙමගින් සම්පූර්ණ වන බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත.

ස්පුට්නික් V දෙවන එන්නත් මාත්‍රාව ලැබිය යුතු සංඛ්‍යාව වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවන්ට අනුව 115,636ක් වන අතර එහි බහුතරයක් මහනුවර ප්‍රදේශයේ ජනතාව බවටයි වාර්තා වී ඇත්තේ.

Exit mobile version