ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ශ්රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
එම කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝබර් 7 වන දා තෙක් බලපැවැත්වේ.
එමෙන් ම ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2021 මැයි 11 වනදා සිට 2021 ඔක්තෝබර් 07 දක්වා කාල සීමාව තුළ කල් ඉකුත්වූ වලංගු වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තුව පමණක් අය කරන බවත් කිසිදු දඩ මුදලක් අය නොකරන බවත් ය.
එම නිවේදනය පහතින්,