පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.
එම වැඩපිළිවෙළට අනුව සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දිරි ගැන්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම වැඩසටහන ඔස්සේ අපේක්ෂා කරනු ලබන්නේ පළාත් පාලන ආයතන 314ක් ඒකාබද්ධ කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළදපොළ හඳුන්වා දීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම බව ද සඳහන් වේ.
ඒ අනුව ඊට අවශ්‍ය පළාත් පාලන ආයතන ග්‍රාමීය නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් තෝරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.