අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.