මහවැලියට අයත් අක්කර 600 ක් වෙන් කරයි.
රජය විසින් ඉඳිකිරීමට සැරසෙන දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය කොත්මලේ මාවෙල ප්‍රදේශයේ ඉදිකිරීමට සැළසුම් කර ඇත .
කොත්මලේ ප්‍රදේශයේ මහවැලියට අයත් අක්කර 400 ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වූහ .
ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇත. එරට විශ්ව විද්‍යාලවල සහාය ද දේශගුණික විශ්ව විශ්වවිද්‍යාලයට ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.
අක්කර 400 ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200 ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිතය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්ව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ඉදිරියේදි මෙහි ඉදිවීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
සරත් සමරනායක.