සංචාරක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 01 වනදා සිට 13 වනදා තෙක් කාලසීමාව තුළදී 7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය,යුක්රේනය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන විදේශයන්ගෙන් මෙලෙස සංචාරකයින් 7,096දෙනෙක් ෙමරටට පැමිණ ඇති බවයි අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
එමෙන් ම, සංචාරක සීමා ලිහිල් කිරීමත් සමග මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ඇදී ඒමේ ප්රවනතාවක් දක්නට ලැබෙන බවත්, මේ වන විටත් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් සංචාරක අමාත්‍යංශය පෙන්වා දී ඇත.