අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මෙරට තුළ ඇති පූජා භූමි සංවර්ධනය සඳහා අදාඝ තීරණ රැසක් පොළොන්නරුව සොළොස්මස්ථාන සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉන්දියාව විසින් ඉදිරි වසර 05 සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් මෙරට පූජා භූමි සංවර්ධනය සඳහා යෙදවීමට ලබාදෙන බවත් ඉන් යම් කොටසක් මෙම සොළොස්මස්ථාන පූජා භූමිවල සංවර්ධන කටයුතු සඳහා යොමු කිරීමටත් අදාළ සාකච්ඡාවේ දී තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ෙඵතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ හා ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දකැටිය අත්ථ දස්සි ස්වාමීන් වහන්සේ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්විණි.