මෙරට වායු දර්ශකය යථා තත්ත්වයට පැමිණෙමින් පවතියි.

අද (11) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ වායු  තත්ත්ව දර්ශකය ඊයේ (10) දිනට සාපේක්ෂව යහපත් ප්‍රවණතාවයක් ගෙන තිබේ.

කෙසේ නමුත් ඊයේ (10) පස්වරුව වන විට වායු ගුණාත්මක දර්ශකයේ දැඩි සෞඛ්‍ය අවදානමක් සහිත නගරයක් ලෙස අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වන විට එම අගය 59 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවිය තුළ දක්වා තිබුණි.

මෙම දර්ශක අගය කෑගල්ල ප්‍රදේශයේ දැක්වෙන්නේ ඒකක 22ක් වශයෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ එම අගය ඒකක 42ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකයේ අගය ඒකක 44ක් වශයෙන් දැක්වෙන අතර මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ.

Exit mobile version