මෙවරත් පොහොර මිලේ වෙනසක් නෑ

ලෝක බැංකුවේ ණය පහසුකම යටතේ 2022 /2023 මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ වරායට ලගා විය.

එම පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු අද (28) ආරම්භ විය.

චීනයෙන් ගෙන්වන ලද එම පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් 12,500 ක් වන අතර එය ගොඩබෑමේ සහ බෙදාහැරීමේ කටයුතු සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ වරායට අද (28) පස්වරුවේ පැමිණ ඇත.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000 කට ලබාදීමට සැලසුම් කර ඇති බවත් පළමුවෙන් මඩකලපුව , අම්පාර ,ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට සහ වගා කරන පිළිවෙල අනුව පොහොර සැපයීමට කටයුතු කරන බවයි.

Exit mobile version