මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලබාදෙන එන්නත කුමක් ද?

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ මේ වන විට පාසල් සිසුන්ට එන්නත් ලබා දීම පිළිබඳ සැලසුම් සකස් කර ඇති අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ද ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති  බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (21) උදෑසන පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා එම අදහස් දක්වා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා – උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව සමහර සිසුන් ප්‍රකාශ කරල තියනවා.මටත් කිහිපදෙනෙක් මුණගැහුණා .මම ඉල්ලීමක් කරන්න කැමතියි ඇමතිතුමාට විභාගය ගැන හොයලා බලලා ගතයුතු පියවර කිහිපය අරගන්න කියලා.

මෙයට අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා,

“අමාත්‍යංශය අවධානය යොමුකර තිබෙන අතර, විභාග කොමසාරිස් තුමා සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.”

පාඨලී චම්පික – ඉල්ලිමක් තියෙනවා ඒ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත් ලබාදෙන්න කියලා.අනිත් එන්නත් හරියන්නේ නෑ.තරුණ දරුවන්ට ගැළපෙන එන්නත් ෆයිසර් එන්නත ලබාදීලා අදාළ විෂය මාලාවන් සම්පූණය කරලා හැකි ඉක්මනින් විභාග පවත්වන්න කියලා. ඔබතුමා දන්නවා විභාගයේ තියෙන වැදගත්කම ඉක්මනින් පවත්වන්න කියලා ඉල්ලීමක්

දිනේෂ් ගුණවර්ධන දැනටමත් ජනාධිපතිවරයා ගිය සතියේ නියෝගයක් දීලා තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය සාකච්ඡා වට ආරම්භ කරලා තියෙනවා.පළමුවෙන් උසස් පෙළ සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණයක් අරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා.  

Exit mobile version